Posts

Image
 

pictures can talk - 1

Image
 

කාටද පිස්සු?

"මගෙ පිස්සු කොල්ල" කියල අම්මා මට කීවේ ආදරේට. එතකොට මට වයස කීයක් විතර ඇද්ද? කොහේද මතක් වෙන්නෙම නෑනේ.. "පිස්සුද?" එයත් එහෙම කිව්වෙ ආදරේට. ආදරෙන් මුසපත් උනු වෙලාවක. "පිස්සුව හොඳටම තද වෙල" මම මොකද්ද විකාරයක් කරන කොට මගේ බිරිඳ කිව්වා. "තාත්තට පිස්සු" මගේ ලොකු දුව කිව්වා. "සීයට නම් පිස්සු" ලොකු දුවගේ පොඩි එකී කිව්ව. පිස්සෙක් කියන්නේ තනිවම කියව කියව පාරේ ඇවිදින අයට. මටත් හිතෙනව මොනව හරි කියව කියව හිස හැරුනු අතේ යන්න. වැටුනු තැනක නිදා ගන්න. කාගෙන් හරි ඉල්ල ගෙන මොනව හරි කන්න. " ඇයි තාත්ත මගෙ ඩොගීට ගැහුවේ?.. අනේ පව් තාම කෙඳිරි ගානව. "ඌ මගේ ඇඳෙ ලැග්ගා" "තාත්තට වඩා ඌ පිරිසිදුයි" "එහෙනං උඹේ ඇඳේ තියා ගනිංකෝ" මං පොඩි කාලේ අපේ ගෙදර බල්ලො තුන්දෙනයි. උන් සේරම බල්ලො. උන්ට වෙන වෙනම නම් තිබුණේ නෑ. කවුරු ගෙනාවද? කොහෙන් ආවද? කවුරුවත් දන්නේ නෑ. අපි කාල ඉවර වුනාම පිඟන් සේරගෙම තියෙන ඉඳුල් එකතු කරල පිළිකන්නේ පිල උඩට හලනව. උන් පොර කකා ඒව කනව. කාල ඉවර උනාම වතුර දුන්නද කියල මට මතක නෑ. සමහරදාට අම්මට ජොලියක් ගියාම කීලං කරෝල කෑ

එහෙං... මෙහෙං

තාත්තා, අම්මාගෙ ගෙදර පදිංචිවීම හෙවත් තාත්තා අම්මාගේ ගෙදර බින්න බැහීම ගැන අම්මා හිටියේ ලැජ්ජාවකින්. මට එහෙම හිතුනේ.. අම්මා සමහරදාට මාවත් , නංගීවත් අන්දවා ගෙන තාත්තලාගේ මහ ගෙදර යනවා. මගදී හමුවන අයට කියන්නේ..." ගෙදර ගිහින් එන්න යනවා" කියලයි. මහ ගෙදර බාප්පා එයාගේ නෝනයි ළමයි පස් දෙනයි පදිංචි වී හිටියා. කාමර හතරක් සහිත තරමක් විශාල එහි එක කාමරයක් තාත්තාට අයිතියි කියලයි අම්මට කියලා තිබුණේ. මම මහණ උනේ හේමාලෝක නමින්. හිදෝගම හේමාලෝක හාමුදුරුවෝ තමන්ටත් වඩා උස කුඩයකුත් අරන් දෙපයට බාටා දෙකකුත් දාගෙන පිරිවෙනට වඩින හැටි ගමේ ගෑනු බලා ගෙන හිටියේ හක්කේ අත ගහ ගෙන. මා මහණ කළ ලොකු හාමුදුරුවෝ දුරින් නෑයෙක් වූ නිසා අළුත් පිට රෑට බඩ ගින්නේ ඉන්න උනේ නෑ. ඇබිත්ත කොල්ල දවල් දානෙන් හංගා ගත්තු කොටසක් මටත් දුන්නා. කැලයේ තපස් රැක්ක තාපසයෙකුට මීයන්ගෙන් කරදර තිබුනා. ඒ නිසා බළලෙක් ගෙනාවා. ටික දවසකින් මී කරදරය නම් ඉවර උනා. බළලාට කිරි ටිකක්වත් දෙන්න කියලා එළ දෙනක් ගෙනවා. ඌට තණකොළ කපන්න කොලු ගැටයෙක් එක්ක ආවා. පස්සෙ කොල්ලාට තනියට ඌට අඹුවක් හොයල දුන්නා. ඒ වගේ එකක් මටත් උනේ.. අම්මා නිතරම ඇවිත් කන්

පලා මල්ල

මගේ හිස කෙස්ස ඔක්කොම සුදු වෙලා. රැවුලත් එහෙමයි. ඇහි බැමත් සුදු වේගෙන එනවා.මේ අකලට නෙවේ. මට තියෙන අත් දැකීම් අද කාලේ එකෙකුටවත්, එකියකටවත් නැති බව නම් හොඳටම ෂුවර්. මට හොඳ මතයක් තිබුණා. ඒත් දැන් නම් ඉතිරි වෙලා තියෙන්නේ අමතක කරන්න අමාරු ඒව විතරයි. මගෙ තියෙන පැරණිම මතකය මම අපේ අම්මත් එක්ක සුදු ඇන්ටිලාගෙ ගෙදර ගිය එක. අම්මයි මමයි වැල් පාලමකින් එතෙර වෙමින් හිටිය. පොඩි හුළඟක් ඇවිත් මගේ තොප්පිය ගහ ගෙන ගිහින් ගං ඉවුරේ රැඳුනා. අම්මා වටෙන් ගිහින් ඒක මට අරන් දුන්නා. අපි එයාට සුදු ඇන්ටි කීවේ.. සුදු ඇන්ටි අපේ අම්මගෙ හොඳ මිතුරියක්. තරුණ කාලෙ ලස්සනට ඉන්න ඇති. පස්සෙ ලොකු සල්ලි කාරයෙක් බැන්දා. දරු දෙතුන් දෙනෙක් ලැබුණට පස්සෙ එයාට හමේ රෝගයක් හැදුනා. අර සුදු කබර කියන එක... තව එකක් තමයි... අපේ සීයා..තාත්තගෙ තාත්ත මගේ ඉනේ තඹ සුරයක් බැන්ද කලු පාට නූලකින්. මම හිටියේ කිසිම ඇඳුමක් ඇඟේ නැතිව. මට එතකොට අවුරුදු දෙක හමාරක් විතර ඇති. මගේ බිරිඳ නම් කියන්නේ ඒ මගේ වෙන මතකයක් වෙන්න ඇති කියල. මොකද එච්චර පොඩි කාලෙ වුනු දෙයක් මතක හිටින්න බැරිලු..  අපේ ගෙදර හැමදාම රණ්ඩු. අම්මයි-තාත්තයි. අතින් පයින් ගහ

ලිහුම

Image
මේ ඉන්නේ මම. උපත: 06.12.1948 විපත:     ? මගේ විස්තර පසුවට. ඉස්සෙල්ලම කියන්නම් , ඇයි මම මේ බ්ලොගයට "පිස්සාගේ පලා මල්ල" කියල නම තිබ්බේ කියලා.. මා එතරම් උගතෙක් නොවේය. ඒත් ඒ ගැන මගේ හිතේ දුකක්, කම්පාවක් නැත. මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් කිසිම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා නැත. එහෙත් එතුමා විද්වතෙක්.. ප්‍රාඥයෙක් ලෙස සමාජය විසින් නිතරම හඳුන්වනු ලබයි.... අද වන විට එතුමා හිටියා නම් ආචාර්ය උපාධියක් ලබනවා සිකුරුයි. මම පට්ට නාකියෙක්.. වෙලාවකට මට හිතෙනවා තවත් ජීවත්ව ඉඳීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියා. මම බෞද්ධයෙක්.. නමට. නිකමටවත් පන්සලකට යන්න හිත් දෙන්නෙ නෑ. ඒත් පූරුවේ පිනකට අනික් පට්ට නාකින්ට තියෙන දහ ජරා ලෙඩ එකක්වත් මට නෑ. ඉඳල හිටල කකුල් කැක්කුමක් හැදෙනව. කවුරු හරි හිතන්න පුළුවන් මේ වගේ පට්ට නාකියෙක් කොහොමද බ්ලොග් එකක් කරන්නේ කියල.. ඒක උනේ මෙහෙමයි.. මම ගුරුවරයෙක්.. මගේ සිංහළ- සාහිත්‍ය දැනුම ඉහළයි.. මම ඒ කාලේ රිවිරැස-ලංකාදීප වගේ පත්තරවලට ලිවුවා. ඒ එකක්වත් පළ උනේ නෑ. මම ලියාපු ලියිවිලි සේරෝම පාහේ එක මිටියට ගැට ගහල ඇඳ අස්සෙ පෙට්ටියක දාල තියෙනව. පුච්චල දාන්නත් ලෝබය