එහෙං... මෙහෙං

තාත්තා, අම්මාගෙ ගෙදර පදිංචිවීම හෙවත් තාත්තා අම්මාගේ ගෙදර බින්න බැහීම ගැන අම්මා හිටියේ ලැජ්ජාවකින්. මට එහෙම හිතුනේ..
අම්මා සමහරදාට මාවත් , නංගීවත් අන්දවා ගෙන තාත්තලාගේ මහ ගෙදර යනවා. මගදී හමුවන අයට කියන්නේ..." ගෙදර ගිහින් එන්න යනවා" කියලයි.
මහ ගෙදර බාප්පා එයාගේ නෝනයි ළමයි පස් දෙනයි පදිංචි වී හිටියා. කාමර හතරක් සහිත තරමක් විශාල එහි එක කාමරයක් තාත්තාට අයිතියි කියලයි අම්මට කියලා තිබුණේ.

මම මහණ උනේ හේමාලෝක නමින්. හිදෝගම හේමාලෝක හාමුදුරුවෝ තමන්ටත් වඩා උස කුඩයකුත් අරන් දෙපයට බාටා දෙකකුත් දාගෙන පිරිවෙනට වඩින හැටි ගමේ ගෑනු බලා ගෙන හිටියේ හක්කේ අත ගහ ගෙන.
මා මහණ කළ ලොකු හාමුදුරුවෝ දුරින් නෑයෙක් වූ නිසා අළුත් පිට රෑට බඩ ගින්නේ ඉන්න උනේ නෑ. ඇබිත්ත කොල්ල දවල් දානෙන් හංගා ගත්තු කොටසක් මටත් දුන්නා.

කැලයේ තපස් රැක්ක තාපසයෙකුට මීයන්ගෙන් කරදර තිබුනා. ඒ නිසා බළලෙක් ගෙනාවා. ටික දවසකින් මී කරදරය නම් ඉවර උනා. බළලාට කිරි ටිකක්වත් දෙන්න කියලා එළ දෙනක් ගෙනවා. ඌට තණකොළ කපන්න කොලු ගැටයෙක් එක්ක ආවා. පස්සෙ කොල්ලාට තනියට ඌට අඹුවක් හොයල දුන්නා.
ඒ වගේ එකක් මටත් උනේ..
අම්මා නිතරම ඇවිත් කන් කෙඳිරි ගෑවා.
"පොඩි හාංදුවනේ. මම මෙහෙම කියන එක පවු.. තාත්ත දැන් හොඳයි. රණ්ඩුවට එන්නේ නෑ. නිතරම ලෙඩ ගානේ.සිවුරෙන් අයින් වෙලා ආපහු එන්න පුළුවන් නම් මම කැමතියි.."

ඔය කාලේ මම හිටියේ පේරාදෙණිය කැම්පස් එකේ. මගේ වයසෙම කොල්ලො, කෙලි පැටික්කියන් තුරුලු කර ගෙන පඳුරු අස්සේ වන පොත් කරනා හැටි දැක්කම මටත් හිතිල තිබුණේ "මං වගේ හරකෙක් " කියලා

Comments

Popular posts from this blog

කාටද පිස්සු?