කාටද පිස්සු?
"මගෙ පිස්සු කොල්ල" කියල අම්මා මට කීවේ ආදරේට. එතකොට මට වයස කීයක් විතර ඇද්ද? කොහේද මතක් වෙන්නෙම නෑනේ.. "පිස්සුද?" එයත් එහෙම කිව්වෙ ආදරේට. ආදරෙන් මුසපත් උනු වෙලාවක. "පිස්සුව හොඳටම තද වෙල" මම මොකද්ද විකාරයක් කරන කොට මගේ බිරිඳ කිව්වා. "තාත්තට පිස්සු" මගේ ලොකු දුව කිව්වා. "සීයට නම් පිස්සු" ලොකු දුවගේ පොඩි එකී කිව්ව. පිස්සෙක් කියන්නේ තනිවම කියව කියව පාරේ ඇවිදින අයට. මටත් හිතෙනව මොනව හරි කියව කියව හිස හැරුනු අතේ යන්න. වැටුනු තැනක නිදා ගන්න. කාගෙන් හරි ඉල්ල ගෙන මොනව හරි කන්න. " ඇයි තාත්ත මගෙ ඩොගීට ගැහුවේ?.. අනේ පව් තාම කෙඳිරි ගානව. "ඌ මගේ ඇඳෙ ලැග්ගා" "තාත්තට වඩා ඌ පිරිසිදුයි" "එහෙනං උඹේ ඇඳේ තියා ගනිංකෝ" මං පොඩි කාලේ අපේ ගෙදර බල්ලො තුන්දෙනයි. උන් සේරම බල්ලො. උන්ට වෙන වෙනම නම් තිබුණේ නෑ. කවුරු ගෙනාවද? කොහෙන් ආවද? කවුරුවත් දන්නේ නෑ. අපි කාල ඉවර වුනාම පිඟන් සේරගෙම තියෙන ඉඳුල් එකතු කරල පිළිකන්නේ පිල උඩට හලනව. උන් පොර කකා ඒව කනව. කාල ඉවර උනාම වතුර දුන්නද කියල මට මතක නෑ. සමහරදාට අම්මට ජොලියක් ගියාම කීලං කරෝල කෑ...

Comments
Post a Comment